Wednesday 25 January 2017

හොරු බෙටි කාපං කුන්දීරේ

ඔන්න පුතේ එකෝමත් එක රටක...මහන්සිවෙලා දුක්විඳල රස්සාවක් කරල හම්බකරන් කන්න කැමති නැති...රට කපටි පට්ට හොරු සෙට් එකක් ඉන්නවා...මුන් වැඩිපුර ඇඳලා ඉන්නෙ සුදුපාට ඇඳුම්...ඉතිං මුන් එකම සෙට් එකක් උනත් (මිනිස්සු හිතන් ඉන්නෙ සෙට් දෙකක් ඉන්නව කියල) ...කල්ලි වලට බෙදිලා චන්දෙ ඉල්ලනවා...සපෝටර්ලත් කල්ලි වලට බෙදිලා මරාගන්නවා...දැන් වැඩිපුර මරාගන්නෙ බුකියේ...ඉතිං දිනපු එවුන් රටේ බලය ගන්නවා...පැරදුනු එවුන්ගෙන් කොටසකුත් ඇමතිකම් අරං...දිනපු එවුන්ට හේත්තු වෙනවා...බලයට ආපු ගමන් කෝටි ගණන් හොරකං කරනවා...ඔන්න ඉතිං පැරදුනු එවුන් දියවන්නා හොර ගුහාව ඇතුලේ...කුණුහරුප විදිමින් කෑගහන්න පටන් ගන්නවා...මෙන්නෝ...මුන් හොරකං කරනෝ...අල්ලපියෝ...හිරේ දාපියෝ...කිය කියා...ඉතිං...බලයේ ඉන්න එවුන් කෑගහනවා...උඹලගේ කාලෙත් කෝටි ගණන් හොරකං කලානේ කියල...ඉතිං බලංඉන්නෙ...අල්ලලා හිරේ දාපල්ලකෝ කියලා පැරදුන එවුන් කියනවා...බලේ ඉන්න එවුන්, උන්ගේ නෑදෑයෝ, යාළුවොත් කලින් හොරකං වලට සම්බන්ධ නිසා...හොරු අල්ලන්න වගේ ඉන්නවා අල්ලන්නේ නෑ..උන්ගේ පවුල් අතර විවාහ ගණුදෙණු පවා කෙරිල තියෙන නිසා එක හොරෙක් වත් අල්ලන්න බෑ...ලොකුම හොරු බාගෙට අල්ලලා අතඅරිනවා...පලයන් පුතා ඇමරිකාවට කියලා...එක පට්ට හොරෙකුට ළමයි නැති නිසා මිනිස්සු හිතන් ඉන්නෙ...ඌ හොරකං කරන්නෙ නෑ කියල...මිනිහට දෙනව Mr ක්ලීන් පට්ටම...ඌ කොස්ඇටේ බෑවෙ යාළුවගෙ අත දාල...දැන් හෙන ගේමක් දෙනව යාළුව බේර ගන්න... මුන්ගේ ළමයි ඉගෙන ගන්නෙ පිටරට...හුඟක් එවුන්ට පිටරට ගෙවල් බැංකු ගිණුම් තියෙනවා...සමහරු සල්ලි තිබුනත් ඉන්නෙ හිඟන්නෝ වගේ...සමහර එවුන් කෝටි ගණන් වාහන වල ඇවිත් ෂෝ එක දානවා ලංකාවෙ ඉන්න මෝඩ ජහමනයා...මේ කවදාවත් ඉවර නොවෙන හොර මගඩි මෙගා ටෙලි නාට්ටිය...සහ මුන්ගේ TV කුකුල්පොර නිදිමරාගෙන බලං ඉන්නවා...මුන් දවල්ට බෙදිලා රණ්ඩුවෙලා රෑට පාටි වලට ගිහිං එකට බොනවා...දැන් අව්රුදු හැට නමයක් මේ සෙල්ලම කරනවා...එකෙක්වත් හොරකමකට හිරේ ගිහිං නෑ...බඩට කන්න නැතිව බදු ගෙවමින් වාහන ලොකු දීමනා දෙමින් මුන් නඩත්තු කරන ගොන් ජහමනයට...මේ ගැන වගේ වගක් නෑ...සීයෙ වෙනකතාවක් කියන්නකෝ...ඕක මට දැන් අහලම ඇතිවෙලා හිටං !

Monday 16 January 2017

මගේ සිහිනය (තමන්ට ගැලපෙන විදියට...අකමැති කෑලි අයින්කර...කැමති කෑලි එකතුකර... කපා කොටා...සිහිනය සකස්කර ෂෙයා කරගන්න)

මං හීන දකිනවා ඉල්ලංකාව ගැන
අලුත් තරුණ ජනාධිපති කෙනෙක් ගැන
සතයක්වත් හොරකං නොකරන
ධනවත් පවුල් පසුබිමක් ඇති
විද්‍යා අධ්‍යාපනයක් ඇති
ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණ දැනුමැති
පරිඝනක සාක්ෂරතාව ඉහලින් ඇති
CNN, BBC බලන ලෝකය ගමන් කරන
රටාව වටහාගත හැකි
ආර්ථික විද්‍යාව සහ
කළමනාකරණය ගැන ප්‍රමාණවත්
දැණුමක් ඇති මිනිහෙක්
පන්සල් පල්ලි කෝවිල් ගානේ
දුවමින් කාලය කානොදමන මිනිහෙක්
රට පාළනය කරන්නට
තීන්දු තීරණ ගන්නට
පූජකයන් ගෙන් නොවිමසන
මෝඩ බහුතර චන්ද දායකයින්ගේ,
ඉල්ලංකාවේ මැනවින් සංවිධානයවූ
පරපෝෂිත පූජකයින්ගේ
සමාජයට බය නැති
නිර්භීත කෙලින් මිනිහෙක්
කුඩු ගෙන්වා අසුවන එකා සතියකින්
නඩු අසා එල්ලා මරණ මිනිහෙක්
පන්සල් පල්ලි කෝවිල් වල ශබ්ද දුෂණය
එක දවසින් නැවැත්වියහැකි මිනිහෙක්    
තාප්ප වල ලියන කොල්ලන්ට
ප්‍රසිද්දියේ වේවැල් පහර දෙන්නට
හැකි මිනිහෙක්
වාස්, දුමින්ද වැනි මිනී මරුවන් කුඩුකාරයින්
එක පෑන් පහරින්
එල්ලා මරාදැමියහැකි මිනිහෙක්
වැරදි තැනින් පාර පැන්නොත්
අත්අඩංගුවට ගෙන
ලොකු දඩයක් ගහන මිනිහෙක්
පාගා ගහන එකාගේ රජයේ දේපල සහ මුදල්  
හොරකම් කරන එකාගේ දේපල රාජසන්තක
කර හිරේ දාන මිනිහෙක්
අපේ මුදලින් ආතල් එකට පිටරට සවාරි
නොයන මිනිහෙක්
නෑයින්ට මිතුරන්ට
තනතුරු නොදෙන මිනිහෙක්
එත් අපට ඉන්නේ
රනිල් මහින්ද වගේ රටකපටි පට්ට හොරු
 සිරිසේන වගේ
මොනම දැණුමක්වත් නැති පතෝලයින්
කාලෙන් කාලෙට එක එක පැතිවලට ජැක් ගහන
බොරු මාක්ස්වාදී ජෙප්පන් වගේ
අපතයින් විතරයි
කොක්කෙන් හරි කෙක්කෙන් හරි   
මේ රට හදන්නට ලී ක්වාන්යූ වර්ගයේ හෝ
එයිටත් වඩා හොඳ
බූරුවා කරගහන් ගිය මිනිහා වගේ නැති    
හොඳ ඒකාධිපතියෙක් උවමනා කර තිබේ   
#....සිහිනයේ ජීවත්වෙමි....#

සරත් විමලසුරිය